HIRU TV

Friday, November 1, 2013

IFJ journalists to be deported

IFJ මාධ්‍යවේදීන් දෙදෙනා රටින් පිටකිරීමට යයි

IFJ journalists to be deported

 
FOESemenar 410px 13 10 30
hirunewsසංචාරක විසා මත ශ්‍රී ලංකාවට පැමිණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩමුළුවකට සහභාගිවීමේ අභූත චෝදනාව මත ආරක්ෂක අංශ විසින් පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ( IFJ ) ආසියානු ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂිකා ජැකලීන් පාර්ක් සහ පර්යේෂිකා ජෙනී වර්දින්ටන් යන දෙදෙනා රටින් පිට කිරීම සඳහා මේවනවිට කටුනායක ගුවන් තොටුපලට රැගෙන යමින් සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා  පැවසිය.
මෙම අත්අඩංගුවට ගැනීම අත්වැරදීමකින් සිදුවූවක් බව විදෙස් මාධ්‍යවේදී දෙදෙනාට පවසා ඇති ආරක්ෂක බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා ඇතයි ද පැවසේ. ඒ අනුව මොවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත් වල ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමේ මුද්‍රාවක් තබා නොමැති බවද වාර්තා වේ.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්
ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් අද විදෙස් අමාත්‍ය ජි.එල්. පිරිස් මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතබව වාර්තාවේ. විදෙස් ඇමතිවරයා අද දහවල් පර්ත් හිදී මාධ්‍ය හමුවක් කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් විදෙස් කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මේවන විට අමාත්‍යවර ්‍යා පර්ත් නුවර සිටින බව සත්‍යක් බවයි.
කෙසේවුවද ඔහු මාධ්‍ය හමුවකට සහභාගිවන්නේද යන්න තමා නොදන්නා බවද ඔහු කියා සිටියේය.
සබැදි පුවත් 

No comments:

Post a Comment