
එය යළි විවෘත කර ඇත්තේ පසුගිය 11වැනිදා බවත්, 12 වැනිදා දිනයේදී එය යළි වසා දමා තිබී ඊයේ (13) එය යළි විවෘත කර තිබූ බව පැවසේ.
මෙම කැසිනෝ ශාලාව පසුගිය කාලය පුරාම විටින් විට පොලිසිය විසින් වැටලුවද එය නැවත නැවත ආරම්භ කිරීම සාමාන්‍ය දෙයක් බවද මේ අතර වාර්තා වේ.
අදාල කැසිනෝවේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ කැසිනෝව ප්‍රසිද්ධ ව්‍යාපාරික අභාවප්‍රාප්ත ලකී නෙත්තිකුමාර මහතාගේ බිරිය වන වජිරා නෙත්තිකුමාරට අයත් එකක් බවයි.
(වජිරාගේ හා ලකීගේ එක් දියණියක් විවාහ වී සිටින්නේ
එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ පුතෙකු සමග වන අතර අනෙක් දියණිය හිටපු අමාත්‍ය ෆෙස්ටස් පෙරේරාගේ පුත් නිරෝෂන් පෙරේරා සමග විවාහවී සිටී)
එසේම මෙය පොලිසිය විසින් නිතර වැටලුවද එය යළි යළි විවෘත වන්නේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්රබලයකුගේ ආධාර අනුබල හේතුවෙන් බවද ඔහු හෙළි කළේය.
ඇමතිවරයකුගේ බිරිඳක් මේ සදහා සම්බන්ධ බවට පැතිර යන රාවය ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.
පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් එම කැසිනෝ ශාලාව වැටලු අවස්ථාවේදී, එහි සිටි යුධ හමුදාවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකු සිට ඇති බවත් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද, එම වැටලීම කර පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන්, එම වැටලීම සිදුකල සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 23 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබුනේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියකුගේ බලපෑම් මතබව එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
No comments:
Post a Comment