HIRU TV

Sunday, July 14, 2013

Basnayaka Nilame; a licensed thief?

hirunews

බස්නායක නිලමෙට ඕනෑම හොරකමක් නිත්‍යානුකූලව කළ හැකියි 

Dishan W Goonasekara 410px බස්නායක නිලමේ තනතුරත් සමග හොරකම් කිරීමේ බලපත‍්‍රයක් ලැබෙන බවත්, බස්නායක නිලමේවරයෙකුට  ඕනෑම හොරකමක් නිත්‍යානුකූලව කළ හැකි බවත් දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික‍්‍රමසිංහ ගුණසේකර මහතා කියයි.
හෙතෙම මෙම අදහස් පළ කළේ, 2013 ඇසල පෙරහැර සම්බන්ධයෙන් මාතර දිස්ති‍්‍රක්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉකුත් ජූලි 09 වැනි දින පෙරවරු 11.00ට මෙම මාධ්‍ය හමුව පැවැතියේ දෙවිනුවර ධීවර අමාත්‍යංශ ප‍්‍රාදේශීය කාර්යාල ශ‍්‍රවණාගාරයේදීය.
අනුමත අය-වැය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර අනුමත කර නොගැනීම, අර්ධ වාර්ෂික අය-වැය වාර්තා නියමිත පරිදි ඉදිරිපත් නොකිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියකින් තොරව වාහන මිලදී ගැනීම හෝ දේවාලයට ලැබෙන මුදල් නිත්‍යානුකූල නොවන ලෙස වැය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති බස්නායක නිලමේවරයා මෙවැනි ප‍්‍රකාශයක් කිරීම තුළින් හෙළිවන්නේ බස්නායක නිලමේවරයා විසින් කරනු ලැබූ හොරකම් නිත්‍යානුකූලව කර ඇති බවය.
නිලමේවරයාගේ වංචා දූෂණ හෙළි කිරීම වැළැක්වීම සඳහා රුපියල් 2,500 ක් පමණ වටිනා ත්‍යාග මල්ලක් මාධ්‍යවේදීන්ට ලබාදී තිබිණි. 

No comments:

Post a Comment