HIRU TV

Sunday, July 14, 2013

Hirunika meets President


හිරුණිකා, ජනපති හමුවෙලා      

HIrunika 410px 132-07-13ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කැඳවීමක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාව මුණගැසී ඇත.
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ හමුවෙහි සම්බන්ධීකරණ කටයුතු කර ඇති අතර හිරුණිකා සිය මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ ගොස් ජනාධිපතිවරයාව මුණගැසී ඇත.
විනාඩි හතළිස් පහක් පුරා පැවැති මේ හමුවේදී ඝාතනය කළ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දෙවැනි ගුණ සමරුව සංවිධානය වන ආකාරය, හිරුණිකාගේ අධ්‍යාපන කටයුතු සහ ඇගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ජනාධිපතිවරයා විමසා තිබේ.
බංකොලොත් දේශපාලකයන් පසුපස නොයන්නැයි ජනාධිපතිවරයා එහිදී හිරුණිකාට උපදෙසක්ද දුන් බව වාර්තා වේ.
හිරුණිකාගේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයාට පවසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එයට පිළියමක් තමන් යොදන බවය.

මේ හමුවේදී හිරුණිකා හෝ ඇගේ අම්මා මෙන්ම ජනාධිපතිවරයාද දුමින්ද සිල්වා පිළිබඳ වචනයක්වත් පිට නොකළ බව වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment