HIRU TV

Thursday, July 18, 2013

Ramith fined over plane incident

hirunews



රමිතට දඩ සහ අවවාද  


Ramitha 570px 12 10 19ශ්‍රී ලංකා ඒ ක්‍රිකට්‌ කණ්‌ඩායම සිය කොදෙව් සංචාරය නිමවා ගුවන් මගින් ආපසු එමින් සිටියදී, කණ්‌ඩායමේ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල බීමතින් ගුවන් යානයේ දොර ඇරීමට තැත් කිරීම නිසා තරග මුදලින් 50% ක මුදලක් දඩ වශයෙන් අයකර ගැනීමට තිරණය කෙරේ.
තවද මීට අමතරව ඔහුට දැඩි අවවාද කිරීමට ශ්‍රිලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
බ්‍රිටිෂ් එයාර්වේස්‌ ගුවන් සමාගමට අයත් බී.ඒ. 2158 බොයිං 777 ගුවන් යානය කොදෙව්වේ ග්‍රෙනාඩාහි ශාන්ත ලුසියා ගුවන් තොටේ සිට ලන්ඩනයේ ගැට්‌වික්‌ ගුවන්තොට දක්‌වා පියාසර කරමින් තිබියදී, ගමනේ හයවැනි පැයේදී යානය අත්ලන්තික්‌ සාගරයට අඩි 35,000 ක්‌ උසින් පැවැති අවස්‌ථාවේ මෙම සිද්ධිය උද්ගත විය.
මෙම අවස්‌ථාවේ ගුවන් යානයේ සිටි මගී පිරිස 229 ක්‌ බව වාර්තා විය.
අදාළ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය විසින් මහ ඉහළින් වාර්තා කළ අතර, එමගින් සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සිදුවිය.
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ලක්‌ෂ්මන් ද සිල්වා මහතා විසින් මෙහෙයවන ලද අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා කණ්‌ඩායම් කළමනාකාර, ජයන්ත සෙනෙවිරත්න, චූදක රමිත් රඹුක්‌වැල්ල, කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක, ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කලුවිතාරණ, කණ්‌ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ ක්‍රීඩක දිල්රුවන් පෙරේරා යන අයගෙන් කට උත්තර ලබාගත් බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් වේ.
ලබාගෙන ඇති එම කටඋත්තර අනුව, සමස්‌ථයේ කට උත්තර සංක්‍ෂිප්තය "අපි නිදාගෙන හිටියේ. සද්දයක්‌ ඇහිලා බලනකොට රමිත් ගුවන් යානයේ දොර ළඟ හිටියා" වශයෙන් යෑයි සඳහන් වේ.
චූදිත රඹුක්‌වැල්ල සිය කට උත්තරයේදී තමා නින්දෙන් ඇවිදින්නෙකු බවත්, එබැවින් තමා එදින එසේ යානය තුළ ඇවිද්දා විය හැකි බවත් පවසා ඇත.
ප්‍රධාන කට උත්තරය වශයෙන් සැලකෙන චම්පක රාමනායක, තමාට සද්දයක්‌ ඇහුණ බවත්, ඒ ගැන විපරම් කරද්දී රඹුක්‌වැල්ල ගුවන් යානයේ දොර අසළ සිටි බවත්, එහෙත් රඹුක්‌වැල්ල බීමත්ව නොසිටි බවත් වශයෙන් සිය කට උත්තරය දී ඇත.
"රමිත් දොර ඇල්ලුවා. කට්‌ටිය කෑ ගැහුවා. රාමනායක රමිත්ව අල්ලා ගත්තා"යි ලක්‌ෂ්මන් සිල්වා වාර්තාවේ සඳහන් වන බවද වාර්තා වේ.
කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් එදින රාත්‍රී ආහාරයට පෙර ගුවන් සේවයෙන් සපයනු ලබන වයින් පමණක්‌ පානය කොට සිටි බව තවත් කට උත්තරයක සඳහන් වන බව වාර්තා වේ.
මේ අතර, සිද්ධිය වූ අවස්‌ථාවේ ගුවන් යානයේ දොර අසල ආසනයේ සිටි එංගලන්තයේ විල්ස්‌ඩන්හි 28 හැවිරිදි එක්‌දරු මවක්‌ වන ශැලේන් ෆැන්සිස්‌ මහත්මිය, "ඔහු හොඳටම බීමතින් හිටියේ. ශ්‍රී ලංකා වර්ණ සහිත ටී ෂර්ටයක්‌ ඇඳගෙන හෙඩ් ෆෝන් එකක්‌ දාගෙන හිටියේ"යි විදෙස්‌ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

No comments:

Post a Comment