HIRU TV

Friday, August 30, 2013

HOT NEWS SRI LANKA POLICE

ගැහැණු 17කට වෙට්ටු දැමූ අනංගයා දැලේ !

HOT NEWS SRI LANKA POLICE
copel 410px 30-08-13hirunewsවිවාහ ගිවිසගන්නා බවට පොරොන්දු වී රූමත් තරුණියන් සහ කාන්තාවන් රවටා නිවාඩු නිකේතනවලට ගෙනගොස් ඔවුන්ව දූෂණය කර රන් ආභරණ, මුදල්, දුරකථන සොරාගත් පුද්ගලයෙකු වරකාපොළ පොලිසිය විසින් හෝමාගම දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නිවාඩු නිකේතනවලට රැගෙනයන කාන්තාවන්ගේ බීමවලට මත් ද්‍රව්‍ය කලවම් කර ඔවුන් සිහි නැතිවූවාට පසුව එම කාන්තාවන් කොල්ලකා ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී වරකාපොල අඹේපුස්ස තානායමකට ගෙනැවිත් ඇයට මත් පෙතිදී සිහිසුන් කර පන්ලක්‍ෂ පනස් එක්දහසක් වටිනා රන්භාණ්ඩ හා ජංගම දුරකථනය සොරාගෙන අතවර  කිරීමේ සිද්ධියක් මුල්කරගෙනය.
මෙම කාන්තාව වරකාපොළ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
අත්අඩංගුවට පත් මෙම සැකකරු අඹේසිංහපුර මීගමුව
පදිංචි මොහොමඩ් නජු ඩු ඩීන් රොෂාන් නැමැති 36 හැවිරිදි අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ කරද්දී පොලිස් ස්ථාන 17ක තරුණියන් විවාහ කරගන්න බවට පොරොන්දු වී විවිධ නවාතැන්පලවලට ගෙනගොස් ඔවුන්ට මත් වතුර පානය කිරීමට දී සිහිමුර්ජාවූ පසු ඔවුන් සතු කන කර ආභරණ සහ ජංගම දුරකථන සොරකම් කර දූෂණයට ලක්කර පලායාම විත්තිකරුගේ ක්‍රියාකලාපය බව හෙළිවී ඇත.
මේ අනුව වරකාපොල, ගොකරැල්, පානදුර, සෙවනගල, කොස්ගොඩ, කලුතර, ගම්පහ, දෙහිවල, සීදුව, බදුල්ල, නාරාහේනපිට, කෙසෙල්වත්ත, රත්නපුර, කුලියාපිටිය, අත්තනගල්ල යන පොලිස් කොට්ඨාසවල පදිංචි කාන්තාවන් මෙම රන් භාණ්ඩ සොරකමට හා දූෂණයට ලක්වූ අය වෙති.
මෙම සැකකරු දැනටමත් මහනුවර, අත්තනගල්ල, කුලියාපිටිය රත්නපුර අධිකරණවලට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වශයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
සැකකරු විවිධ නම් ගම්වලින් පෙනීසිට අපරාධ සිදුකළ බව පොලිසිය පවසයි.
මොහු සිදුකළ අපරාධ හා මංකොල්ලකෑම් අතර වරකාපොළ පොලිසියට රුපියල් පන්ලක්‍ෂ පනස්දහසක මුදලක් සොරාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර නාරාහේන්පිට පොලිසියට රුපියල් එක්ලක්‍ෂ හැටදහසක මුදලක්ද කෙසෙල්වත්ත පොලිසියට හතලිස් තුන්දහසක මුදලක්ද, ගුවන්තොටුපොළ ‍ෙපාලිසියට දසදහස් හත්සියයක මුදලක්ද ගම්පහ පොලිසියට දහදහසක මුදලක්ද කොස්ගොඩ පොලිසියට රුපියල් තුන්ලක්‍ෂ පනස් තුන්දහසක මුදලක් ද සෙවනගල පොලිසියට රුපියල් හැටඅටදහස් පන්සියයක මුදලක්ද පානදුර පොලිසියට රුපියල් පහලොස් දහසක මුදලක්ද වංචාකර ඇති බව වරකාපොල පොලිසිය කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

No comments:

Post a Comment