
දහසකුත් එකක් ප්‍රාර්ථනා මැද ඉසුරුමත් හෙට දිනයකට බලාපොරොත්තු තබාගෙන සෞදි රටට ගිය සිරියාවතී මහත්මිය අද රෝගියකු බවට පත්වී සිටී.
අතේ සතේ නැතිව නිවසට පැමිණ ඇති ඇය දරු තිදෙනා හා සැමියා සමග අන්ත අසරණ වී සිටින අතර පාසල් වියේ පසුවන දියණියන් දෙදෙනාත් පෙර පාසල් වියේ පසුවන දියණියත් සැමියාත් මානසික පීඩනයට පත්ව ඇත.
තමන් මුහුණ දු අද්දැකීම් විස්තර කරමින් ඇය මෙසේ පැවසුවාය.
"මට දියණියන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් වයස අවු. 13, 12, 4 යන වයස්වල පසුවෙනවා. සැමියා විශ්‍රාමික ලංගම රියෑදුරෙක්. අපේ අගහිඟකම් නිසා මම මැදපෙරදිග රැකියාවකට යැමට තීරණය කළා. ඒ අනුව කුරුණෑගල ප්‍රසිද්ධ විදේශ රැකියා ආයතනයක නියෝජිතයකු මාර්ගයෙන් පසුගිය 2012
සෞදි රටේ පළමුව වැඩට ගිය නිවසට මම භාර ගත්තේ නෑ. මං මහත වැඩියි කියලා ආපසු ඒ රටේ ඒජන්සියට භාර දුන්නා. ඔවුන් මාව සාරා නමැති සෞදි කාන්තාවගේ නිවසේ සේවයට යෑව්වා. එහි මගේ රාජකාරිය වූයේ නිවුන් දරුවන් තිදෙනෙක් බලාගෙන සිටීමයි. ඊට අමතරව කෑම පිසින්නටත් නියම වුණා. මේ සඳහා වැටුප වශයෙන් සෞදි රියාල් 650 ක් ගෙවීමට නියමව තිබුණත් මට ගෙව්වේ රියාල් 500 යි. ඒකත් නියම වේලාවට ලැබුණේ නෑ.
වසර එකහමාරක් පමණ එම ගෙදර නොවිඳිනා දුක් වින්දා. හැම දුකක්ම මම ඉවසුවේ දරුවන් නිසා. ඒ අනුව සුළු වැරදීමකට පවා සාරා නමැති ගැහැනිය මට පහර දුන්නා. දවසක් ඇය මට කොස්සක් කැඩෙනකල් පහර දුන්නා. අනන්තවත් පයින් පහර දීලා තිබෙනවා. දවසක් මට ගහලා වැටුණට පස්සේ අඬ අඬා ඉන්නකොට යකඩ ඇණයක් රත්කරලා බඩේ තැන් හයක තියලා පිච්චුවා.
සිදු වූ තුවාලවලටවත් ප්‍රතිකාර අරන් දුන්නේ නෑ. මට ඇය දුන් වධ හිංසා නිසා මගේ දකුණු අතේ ගෙඩියක් ආවා. දැන් එතැන අල්ලනවිට හිරිවැටෙනවා. වාඩිවෙලා නැගිටින කොට කොන්දේ කැක්කුමක් එනවා. බොහොම අමාරුවෙන් නැගිටින්නේ. මට ගෙදරින් කෝල් එකක් ආවත් කතා කරන්න දෙන්නෙ නෑ. දිනපතා රෑ නිදා ගන්න කොට රාත්‍රි එක දෙක වෙනවා. නැවත උදේ 6 ට ඇහැරලා උයන්න ඕනෑ. අවුරුදු එකහමාරක්ම ජීවත් වුණේ ඔය විදියටයි.
ගෙදර මහ අයට හොරෙන් අපේ ගෙදරට මම කතා කරලා කීවා ඒජන්සියට කියලා මාව ගෙන්න ගන්න කියලා. මම අපා දුක් විඳිනවා කියලා. අසල්වාසී කාන්තාවක් මේ බව කීවා. ඔවුන් ඒ ගැන ඒජන්සියටත් මාව රට යෑවූ පුද්ගලයාටත් දැන්වුවත් ඒ අය ඒ ගැන තැකීමක් කරලා නෑ. බැරිම තැන මගේ සැමියා මැරිලා කියලා ගෙදරින් සාරා නමැති කාන්තාවට දැන්වූවා. ඒත් එන්න දුන්නේම නෑ. පස්සේ මම අඬල අඬලා වැඳලා කියලා පසුගිය අගෝස්තු 15 වැනිදා ලංකාවට ආවා.
මම එනවිට ටිකට් එක පමණයි අරන් දුන්නේ. මාස අටක වැටුප් දුන්නේ නෑ. මම ගෙදර ආවේ හිස් අතින්. දරුවන්ට දුක හිතෙන නිසා කෙනකුගෙන් අතමාරුවට සල්ලි ටිකක් ඉල්ලාගෙන ඇඳුම් ටිකක් ගෙනැවිත් දුන්නා. මා වැඩ කළ ස්ථානයේ ලිපිනය දන්නේ නෑ. මේ ගෙදර අසල අල්කම්සීන් ප්‍රධාන වීදිය පිහිටලා තිබෙනවා. මට වධ දුන් කාන්තාවගේ දුරකථන අංකය 00966505520395 යි. මට අසනීප වී ප්‍රතිකාරවලට නිකුත් කළ වෛද්‍ය සහතිකපත් රක්ෂණ ලියවිලි ආදියත් ඇය තියා ගත්තා.
මේ ගැන පැමිණිලි කරන්න සල්ලි ටිකක් හොයාගෙන කොළඹ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යන්නට හිතාගෙන ඉන්නේ. මගේ මාස අටක හිඟ වැටුප හා ලියකියවිලි ලබා දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ. සාරා නමැති කාන්තාවගේ අක්කාගේ දුවගේ ගෙදරත් මහනුවර පැත්තේ වල්ලි අම්මා හා කුරුණෑගල නදීකා යන අයත් මම වගේ දුක්a විඳිමින් ඉන්නවා. ඔවුන් ගෙදර එන්න නොදී තියාගෙන ඉන්නවා. රත්තරන් දෙනවා කියලා කීවාත් මම රට රැකියාවකට නම් යන්නේ නෑ. ලංකාවේ වතුර ටිකක් බීලා මැරුණක් සැපයි'' යෑයි ඇය හඬමින් පැවසුවේය.
No comments:
Post a Comment