hirunewsමොරටුව නගරසභාවේ සුළු සේවකයෙකු වන චන්දන තුෂාර නැමැත්තෙක් (ගොලු) සේවය නිමවා නිවසට යමින් සිටියදී මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කතා නොකරන බැවින් ඔහුට පහරදී සිගරට් කොට වලින් පුච්චා අමානුෂික වද දීමේ පුවතක් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියට විරෝධය පළකරමින් මොරටුව නගර සභාවේ සියලුම තරාතිරම් වල සේවකයෝ පෙරේදා (28) රාජකාරියෙන් ඉවත්ව සිටි අතර මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විටත් කළුබෝවිල
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන තෙක් අදාල පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
No comments:
Post a Comment