
මෙසේ අපහරණයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව - 16 කණුව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. අපහරණයට ලක්වු බව කියන දරුවා පදිංචි නිවස ආසන්නයේ මුස්ලිම් පල්ලියක් පිහිටා තිබු බවත්, මෙම දරුවා නිතර එම දේවස්ථාන භූමියට සෙල්ලම් කිරීම සදහා ගොස් ඇති බව මුලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය වු දිනයේද දරුවා පල්ලිය භූමියට ගිය අවස්ථාවේ පරවියෙකු අල්ලා දෙන්නම් යැයි පවසා ඇති සැකකරු දරුවාව පල්ලිය තුළට ගෙන ගොස් ඇත. පසුව පල්ලියේ දොරවල් වසා වසා දමා ඇති සැකකරු මෙම අපරාධය සිදු කර ඇත.
තම දරුවාට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තොරතුරු
දැන ගත් දරුවාගේ මව්පියන් විසින් මේ බව වනාතවිල්ලුව පොලීසියට දන්වා ඇත. වෛද්‍ය ප්‍රතිකාර සදහා අපයෝජනයට ලක්ව ඇති දරුවාව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment