HIRU TV

Thursday, August 29, 2013

Mervin summoned to Bribery commission

මර්වින්ව, අල්ලස් කොමිසමට කැඳවයි !

Mervin summoned to Bribery commission

 
Marvin silva 3 410px 22-07-hirunewsඅමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් පරික්ෂා කිරිම සඳහා, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කර තිබේ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ දක්වා තම සියලු වත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කරන ලෙස කොමිසම  අමාත්‍යවරයා වෙත දන්වා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මිට අමතරව තවත් ඇමතිවරු පස් දෙනෙකු සම්බන්ධයෙන් ද එවැනි පරීක්ෂණ ආරම්භකර ඇති බව එම වෙබ් අඩවිය අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින්
සිල්වා මහතා ගෙන් කල විමසීමකදී, අල්ලස් කොමිසමට කැඳවීමක් ගැන  කිසිවක්  සඳහන් නොකළ ඇමතිවරයා, තමාගේ වත්කම් සොයා බලා, ''අනේ, දුප්පත් ඇමතිතුමා, ඔබතුමාට අපිත් කියක් හරි දෙන්නම් '' කියා කොමිසම කියනු ඇතැයි පැවසිය.

No comments:

Post a Comment