HIRU TV

Wednesday, August 28, 2013

news for kaluthara hot news

දරුකමට ගත් දැරිය මරා වළ දමලා

news for kaluthara hot news 
ratthota G D 410px 28-08-13hirunewsදරුකමට හදා ගැනීමට ගත් සිගිති දැරියක අමානුෂික වදහිංසා පමුණුවා මරා වළ දැමූ බවට සැලකෙන පුද්ගයෙකු කලුතර ප්‍රදේශයේ සැගව සිටියදී රත්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ අනියම් බිරිදගේ දියණියක විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත් අඩංගු වට ගෙන ඇත.

පොලිසිය සැකකරුගෙන් ලැබුණු තොරතුරු අනුව, වළ දමා තිබූ බිළිදු මළ සිරුර පිළිබදව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලදුව මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතාගේ නියෝගය අනුව ඊයේ (27) මළ සිරුර ගොඩ ගැනීමට කටයුතු කෙරිණ
.

Rathtota1මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇති දැරිය නිශානි මධුෂිකා නමැති වයස අවුරුදු 1 යි මාස 11 ක් වයසැති දැරියක බව රත්තොට පොලිසිය කියයි.

අනියම් බිරිද,  ඇයගේ වයස අවුරුදු 16 ක් වියැති දියණිය සහ දරුකමට හදා ගැනීමට ගත් බවට පැවසූ මිය ගිය දැරිය සමග රත්තොට පොලිස් වසමට අයත් මැටිහක්ක හපුගස්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පොල් වත්තක සේවයට පැමිණ ඇති සැකකරු මෙම දැරියට අවස්ථා කීපයකදීම අමානුෂික වදහිංසා පමුණුවා ඇති බව අනාවරණයවී ඇත.

සිද්ධියවූ දින අනියම් බිරිද සහ අනියම් බිරිදගේ දියණිය මාතලේ නගරයට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදි මිය ගිය දැරියගේ මළ සිරුර ඇද මත තිබූ බවත්, සිද්ධිය වසන් කිරීමේ අරමුණ ඇතිව සැකකරු අනියම් බිරිද සහ අනියම් බිරිදගේ දියණිය සමග දැරියගේ මළ සිරුර නිවස පිටුපස වළක් හාරා වළ දමා ඇති බවත් පොලිස් පරීක්ෂණයේදී හෙලිවි තිබේ.Rathtota3

No comments:

Post a Comment