
එම රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර නිළ කාමරයක් සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළුවට සෞඛ්‍ය බලධාරීන් විසින් පෙරේදා (15) ලබාදුන් විසඳුම ඉවත් කර ගන්නා ලෙස බලකරමින් ඔහු මෙම විරෝධය ආරම්භ කළේය.
මීට මාසයකට පමණ ඉහත දී මහනුවර මහරෝහලේ නිළ කාමරයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවිය.
අනතුරුව වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවල නිරත වූ වෛද්‍යවරුන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වූයේ රෝහල් ශල්‍යාගාරයේ සේවය කරන විනය විරෝධී හැසිරුණු බව කියන හෙදියන් දෙදෙනෙකු වෙනත් අංශයක් වෙත මාරු කර යවන ලෙසයි.
සෞඛ්‍ය බලධාරීන් සමඟ පෙරේදා (15)
කෙසේ වෙතත්, ගස මත සිටින හෙද නිලධාරියා ප‍්‍රකාශ කරන්නේ වෛද්‍යවරුන්ගේ චෝදනාවට ලක්වූ හෙද නිලධාරිනියන් රෝහලේ වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගෙන ඇති නිසා ඊට එරෙහිව තමන් විරෝධතාවයේ නිරත වන බවයි.
ඔහු විරෝධතාවයේ යෙදෙන ස්ථානයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ගුණසේකර මහතා ද ඊයේ (16) පැමිණ, මෙම විරෝධය අත්හිටුවන ලෙස නවරත්න බණ්ඩාරගෙන් ඔහු ඉල්ලීමක් කළත්, ඔහු ඊට එකඟ නොවිය.
No comments:
Post a Comment