HIRU TV

Friday, August 16, 2013

Weliweriya residents called to Army camps

වැලිවේරිය ජනතාව හමුදා කඳවුරට කැඳවලා !

Weliweriya residents called to Army camps

Weliweriya a 410px 16-08-13HIRUNEWSපසුගියදා හමුදා ප්‍රහාරයට ලක් වූ වැලිවේරියේ ජනතාව හමුදා කඳවුරුවලට කැඳවා කට උත්තර ගැනීමට හමුදාව විසින් දරන ලද උත්සාහයක් තමන් මැදිහත් වී වලක්වන ලද බව ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
එවැනි පරීක්ෂණ පැවැත්වීමට නීත්‍යානුකූල අයිතියක් තිබෙන්නේ පොලිසියට පමණක් බව ද,  මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

කෙසේ නමුත්, හමුදා නිලධාරීන් වැලිවේරියට ගොස් ප්‍රදේශයේ කතෝලික දේවගැති තුමා ඇතුළු පිරිසකගෙන් මේ වනවිටත් කට උත්තර සටහන් කරගෙන තිබෙන බව, ප්‍රදේශවාසීන් සංදේශයට කියා සිටියේය

රතුපස්වල සිදුවීමේදී ආරක්ෂක හමුදාව හැසිරුණ ආකාරය පිළිබඳ පවත්වන පරීක්ෂණයට සාක්කි සටහන් කර ගැනීමට හමුදා කඳවුරුවලට ඊයේ (15) දිනයේදී පැමිණෙන ලෙස සිවිල් වැසියන්ට කළ දැනුම් දීම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ එසේ මැදිහත්වීම මත
අත්හිටුවනු ලැබ ඇත.

 ඒ අනුව වැලිවේරිය ‍පොලීසියේදී ලබන ඉරිදා දිනයේදී සිවිල් වැසියන්ගෙන් සාක්කි සටහන් කරගැනීමට ආරක්ෂක අංශ එකඟතාවය දැක්වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවැසීය.

 හමුදා කඳවුරුවලට පැමිණ සාක්කි ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි සිවිල් වැසියන්ගෙන් තමන්ට දුරකථන මාර්ගයෙන් පැමිණිලි ලැබුණ බව ආචාර්ය මහානාමහේවා මහතා පැවැසුවේය.

 ඒ අනුව විමර්ශන කටයුතු කළ මානව හිමිකම් කොමිෂන් සභාව යුද හමුදාපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඔහු පැවැසුවේය. ඒ අනුව හමුදා කඳවුරුවලදී සිවිල් වැසියන්ගෙන් සාක්කි සටහන් කර නොගෙන ‍පොලීසියේදී සාක්කි සටහන් කර ගැනීමේ තීරණයට පැමිණි බවද ඔහු කීවේය.

 යුද හමුදාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළව සාක්ෂි සටහන් කරගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයින් වැලිවේරිය ‍පොලීසියට පසුගිය බදාදා දිනයේදී පැමිණ තිබුණි. එහෙත් ඒ අවස්ථාවේදී සිවිල් වැසියන්ගෙන් පැහැදිලි ආකාරයට සාක්කි ලබාගැනීමට නොහැකිවීම නිසා හමුදා කඳවුරට පැමිණ සාක්කි ලබාදෙන ලෙස ඔවුන් සිවිල් වැසියන්ට දැනුම් දී ඇත.

 ඒ සම්බන්ධයෙන් සිවිල් වැසියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණේය.

 මේ අතර වැලිවේරිය ප්‍රහාරයේදී ජනමාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ (15) දිනයේදී ගිය නමුත් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අවශ්‍ය නිසා එම පැමිණිල්ල පිළිබඳ සාකච්ඡා කිරීම කල් දමා තිබේ.

 මෙම ප්‍රහාරය පිළිබඳ සිවිල් වැසියන් හා සිවිල් සංවිධාන කැඳවා අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ විමර්ශනයද කල් දමා තිබිණ.

No comments:

Post a Comment