
මැතිවරණ කොමාසාරිස් වරයා විසින් නිකුත් කර ඇති නියෝග නොතකමින් සහ රටේ සිවිල් නීතිය උල්ලංගණය කරමින් මෙම වාහන ධාවනය වන බව 'කැෆේ' සංවිධනය සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ.
ඊයේ (14 ) පස්වරු 4.13 ට පමණ පුත්තලම දිස්ත්‍රික් එජනිස අපේක්ෂක සනත් නිශාන්ත මහතාට අයත් ගරාජ් අංක සහිත වාහන ගණනාවක් හලාවත නගරයේදී නීරක්ෂණය කර ඇති 'කැෆේ' සංවිධානය, දුරකථන මගින් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරිවරයෙකු වෙත මේ බව දැනුම් දී ඇත.
මෙම වාහන ඊයේ (14 ) සවස 4.03 (කළු පැහැති ඩිෆෙන්ඩර් රථය), සවස 5.29 (සුදු ජීප් රථය) සවස 5.25 (සුදු නිසාන් රථය) හලාවත බස් නැවතුම්පොළේ දී ඡායාරූප ගත කර ඇති කැෆේ සංවිධානය, ඒවා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර තිබේ.
ඊයේ මෙම ස්ථානයේ එජනිස යේ රැස්වීමක් පැවති අතර එහි ආරක්‍ෂාව සදහා පළාතේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරීන් සේවයේ යොදවා තිබුණි. මෙහි ඡායාරූප දෙකකම දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් මෙම වාහන දෙස බලා සිටින ආකාරයයි.
පුත්තලම දිස්ත‍්‍රික්කයේ ගරාජ් අංක සහිත වාහන හයක් හෝ එයට වැඩි ගණනක් යොදා ගනිමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරන එකම අපේක්‍ෂකයා සනත් නිශාන්ත නැමැත්තා බව කැෆේ සංවිධානයේ නිරීක්‍ෂණය බව ද මැතිවරණ කොමාසාරිස්වරයා වෙත දන්වා තිබේ.
No comments:
Post a Comment