
රංජන් රාමනායක මහතා එම ඉල්ලීම කලේ, වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් 'සමගි බලවේගය' විසින් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරියේදී පැවැත්වූ උද්ඝෝෂණයේදී ය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට 5000 කට වැඩි පිරිසක් සහභාගී වී සිටියේය.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් පැය කිහිපයක් දුම්රිය පල ඉදිරිපිට මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද විරෝධතාකරුවන් සමග එක් වූ අතර ඔහු විසින් ඝාතනය කළ සිසුවෙකුගේ සේයාරුවකට මල් මාලයක් දමා අනුස්මරණය කළේය.
හමුදාව විසින් ඝාතනය කළ සිසුවෙකුගේ මවක් ද තම පුතුගේ
“සමගි බලවේගය” පෙළපාලිය පැවැත්වීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් කර තිබුන ද, විරෝධතාකරුවන් දුම්රිය පල ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් පසු, පෙලපාලියකින් ජනාධිපති කාර්යාලය අසලටම ගොස්, පෙත්සමක් බාරදීමෙන් අනතුරුව විසිර ගියේය.
හිල්ටන් හෝටලය අසල ගුවන් පාලම අබියස පොලිසිය බැරියර් දමා අවුරා තිබු අතර, පොලිසිය සහ විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් පැන නැගුනේය.
පෙළපාලි කරුවන් අතර තිස්ස අත්තනායක, මංගල සමරවීර, රුවන් විජේවර්ධන, අජිත් පී පෙරේරා, අකිල විරාජ්, හරේන් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස ආදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියෙන් සිටිනු දක්නට ලැබිණ. රෝසි සේනානායක ආචාර්ය බාහු මනෝ ගනේෂන් ආදී දේශපාලනඥයන්ද විරෝධතාවයේ කැපී පෙනුනාහ.
















No comments:
Post a Comment