
රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඇත.
ගායක රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළ පසුගිය 13 දා කොළඹ ගලධාරි හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවුයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බවද පැවසේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම මාධ්‍ය හමුව සඳහා මාධ්‍යවේදීන්ට කැඳවීම් කර තිබිණ.
මත්තේගොඩ පිහිටි රූකාන්ත ගුණතිලක මහතාගේ නිවසට පැමිණ හිරිහැර සහ දේපළ හානි කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට පානදුර මහාධිකරණය විසින් පසුගිය ද දඬුවම්
නියම කර තිබුණි.
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට වසර හතර හමාර බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් නියම කරන ලදි.
මෙම නඩුවේ පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන විත්තිකරුවෙකුට වසර හතර හමාරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇත.
මෙම සිද්ධියෙන් අගතියට පත් රූකාන්ත ගුණතිලක මහතාට සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ විස්සක වන්දි මුදලක් ගෙවන ලෙස ද විත්තිකරුවන් දස දෙනෙකුට මහාධිකරණ විනිසුරුවරිය නියම කර තිබුණි.
වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් අමතර වසරක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව රුපියල් 21, 000 බැගින් වන දඩ මුදලක් ද ගෙවන ලෙස විත්තිකරුවන්ට නියම කර තිබේ.
No comments:
Post a Comment