HIRU TV

Friday, August 16, 2013

1,40,000 Sri Lankans with prostitutes

ලංකාවේ දිනකට 1,40,000ක් අනාචාරයේ!    

1,40,000 Sri Lankans with prostitutes

ManWomen 10px 13 08 16HIRUNEWSශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් එක්ලක්‍ෂ හතළිස් දහසක් අබිසරුලියන් සමඟ සහ අනියම් සබඳතා මත අනාරක්‍ෂිත ලිංගික සබඳතාවල යෙදෙන බව සමීක්‍ෂණයකදී හෙළිවී තිබේ.
රාජ්‍ය නොවන සංවිධානවල සහාය මත සමාජ සමීක්‍ෂණයකදී මේ බව හෙළිවී ඇති බව, ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කෙළේය.
එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා සිදුකෙරෙන උපදෙස් දීමේ ක්‍රියාවලියෙන්ද මේ තොරතුරු සොයාගෙන ඇති බවද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කෙළේය.
මේ අතර ඒඩ්ස් රෝගයට ළංවී එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් සියයට 20ක් සමලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් බව අනාවරණය වී ඇත. එය පසුගිය වසරට වඩා සියයට දහයක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන්
කෙළේය.
වසරින් වසර මෙහි වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැති බවද වෛද්‍ය ලියනගේ මහතා පවසයි.
තමන්ගේ නීත්‍යනුකූල විවාහක බිරිය හෝ සැමියාගේ විශ්වසනීයත්වයට පටහැනිව මෙවැනි ක්‍රියාවලින් වැළැකී සිටීම සෞඛ්‍යයට හිතකර බවද වෛද්‍ය ලියනගේ මහතා තවදුරටත් සඳහන් කෙළේය.

No comments:

Post a Comment