HIRU TV

Tuesday, September 10, 2013

Ananda principal harassed by prisoners

ආනන්දේ විදුහල්පතිට සිරකරුවෝ අච්චු කරති

Ananda principal harassed by prisoners

 
hirunewsසිසුවකු පාසැලට ඇතුලත් කිරීම සදහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු විදුහල්පතිවරයා බන්ධනාගාරය තුළදී මිරිස් කුඩු ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 'සී' වාට්ටුවෙහි රඳවා සිටින කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට මෙලෙස පෙරේදා (08) රාත්‍රියේ දී එහි රැඳවියන් පිරිසක් විසින් ශාරීරික වද හිංසා පමුණුවා ඇත.
එම පුද්ගලයාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයට මිරිස් කුඩු දමා වධ හිංසා පමුණුවමින්, මින් ඉදිරියට මෙවැනි අශීලාචාර ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත් එවැන්නක් සිදුවුවහොත් ලබා ‍දෙන දඬුවම මීට වඩා දරුණු විය හැකි බවත් එම රැඳිවියන් විදුහල්පතිට පවසා තිබේ.
විදුහල්පතිවරයාට වද හිංසා පමුණුවා ගුටි බැට දීමෙන් අනතුරුව ඔහුව එම බන්ධනාගාරයේ වැසිකිලි සේදීම සඳහා යොදවීමට රැඳිවියන් කටයුතු කර තිබුණි. මේ විදුහල්පතිවරයා තමන්ට රැඳිවියන්ගෙන් පෙරේදා රාත්‍රියේ හිරිහැර විඳින්නට සිදු වූ බවට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා
හමුවේ ඊයේ (09) ප්‍රකාශයක් කර තිබුණි.
විදුහල්පතිවරයාගේ ආරක්ෂාව පතා ඔහුව එම බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවකට මාරු කර තැබීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍ර රත්න පල්ලේගම මහතා උපදෙස් ලබා දී ඇත.
ළමා සහ ස්ත්‍රී දූෂණ අපයෝජන සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත වන්නන්ට බන්ධනාගාර තුළ දී රැඳවියන්ගෙන් දැඩි විරෝධතා එල්ල වන අතර ඔවුන්ට ශාරීරික පීඩා ද සිදු කිරීම බන්ධනාගාර පද්ධතිය තුළ දක්නට ලැ‍‍බේ.

No comments:

Post a Comment