
පෙරේදා (03) වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්කඩවර සහ ඉහළ ලෙනගල දැයට කිරුළ ජංගම සේවා උත්සව සභා අමතමින් ඒ මහතා එසේ සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මහ ඇමැතිවරයා මෙසේද කීය.
'' ලොව ඕනෑම රාජ්‍ය පාලකයකු දෙවැනි වර ඡන්දයකට ඉදිරිපත් වන අවස්ථාවකදී පළමු වරට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් හිමිවීම සාමාන්‍ය පිළිවෙතයි.
එහෙත් පළමු ජනාධිපතිවරණයේදී දෙලක්ෂයකට ආසන්න වූ වැඩි ඡන්ද සංඛ්‍යාව දෙවැනිවර විසි ලක්ෂයක් තරම් දස ගුණයකින් වැඩි වීමෙන් පෙනී යන්නේ එතුමා කෙරෙහි මේ රටේ ජනතාව තුළ දිනෙන් දින වැඩෙනා කැමැත්තයි.
මෑතකදී අප ආණ්ඩුවේ ඇරැයුමෙන් මෙරටට පැමිණි නවනීදන් පිල්ලේ මහත්මිය මේ රට අත්තනෝමතික පාලනයකට ගෙන යමින් තිබෙන බවට චෝදනා කැර තිබෙනවා. එවන් අගතිගාමී චෝදනාවක් කළ හැක්කේ පුල්ලි නැතත් කොටි පිල්ලියකට පමණයි.
ප්‍රභාකරන් මියැදුණු ස්ථානයේ මල්වඩමක් තැබීමට
දැරූ තැත සහ සංචාරය තුළ ඇගේ කියුම් කෙරුම් හරහා පෙනී යන්නේ පුල්ලි නැතත් කැලේ මාරු වී ඇතත් ඇය කවරෙක්ද යන්නයි.
අත්තනෝමතික පාලනයක් යැයි ඇය වත්මන් ජනාධිපතිතුමාට චෝදනා කලද ගත වූ නව වසර තුළ මැතිවරණ 11ක් මේ රටේ පවත්වා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිම ලෙස භුක්ති විඳින්න ඉඩ සලසා දුන්නා.
කොටි ත්‍රස්තවාදීන් උණ්ඩයෙන් පාලනය කළ උතුරේ ජනතාවට පළාත් සභා මැතිවරණයක්ලබාදෙමින් ඔවුන් කැමැති මහ ඇමැතිවරයකු පත් කර ගැනීමට ඉඩදීම අත්තනෝමතික පාලකයකුගේ වැඩක් දැයි ඇසිය යුතුව තිබෙනවා.''
No comments:
Post a Comment