HIRU TV

Saturday, September 28, 2013

Teen wedding : Groom, 15 Bride, 14

මනාලයාට 15යි, මනාලියට 14යි!

Teen wedding : Groom, 15 Bride, 14

 
Palastine 410px 13 09 28hirunewsබාලවයස්කාර විවාහ යනු තවමත් ලොව විවිධ රටවල් වල සිදුවන්නකි. මේ පිළිබඳ අළුත්ම පුවත වාර්තා වන්නේ පලස්තීනයේ ගාසා තීරයෙනි.

පසුගියදා මෙහිදී අපූරු මංගල උත්සවයක් පැවැත්වුණු බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම විවාහයේ මනාලයා වූ අහමද් සොබොහ් ගේ වයස 15කි. ඔහුගේ මනාලිය වූ ටාලා 14 වියේ දැරියෙකි.
ඉතා දිළිඳු පවුලක සාමාජිකයෙකු වන අහමද් ගේ රැකියාව මාර්ග පවිත්‍රකිරීමයි. ඒ වෙනුවෙන් ඔහුගේ දවසේ ආදායම පවුම් 3ක් පමණි.
මෙම අපූරු ඡායාරූප පෙළ සිය කැමරා කාචයේ සටහන් කර ඇත්තේ රොයිටර් පුවත්සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන මොහොමඩ් සලෙම් ය.
මේ පිළිබඳව සිය බ්ලොග් අඩවියේ අදහස් දක්වමින් සලෙම් පවසා ඇත්තේ මෙවැන්නකි.
“දිනක් මට මිතුරෙක් දුරකථන ඇමතුමක් ලබා දී අසා
සිටියා ගාසා තීරයේ විවාහයක් ඡායාරූපගතකිරීමට කැමතිද කියා. මුලින් ම කැමැත්තක් නොතිබුණත් මනාලයා 15 හැවිරිදි දරුවෙකු බවත් මනාලිය ඊට වසරක් බාල බවත් දැනගත් විට මා මෙයට එකපයින් කැමති වුණා.”
අහමද් - ටාලා ගේ විවාහ දින ඡායාරූපයේ විශේෂත්වය වන්නේ එහි ටාලාගේ මුහුණ සම්පූර්ණයෙන් ම සළුවකින් වසා තිබීමයි.
අහමඩ් හා ටාලා මේ වන විට දිවිගෙවන්නේ කාමර 3ක් සහිත නිවෙසකය. මීට සිවුවසරකට ඉහතදී එල්ලවූ ගුවන් ප්‍රහාරයක සලකුණුද ඇති මෙම නිවසේ තවත් ඥාතීන් නවදෙනකුද ජීවත් වන බවද විදෙස් වාර්තා වල දැක්වේ.
අහමද් - ටාලා ගේ විවාහ ඡායාරූපය මෙන්ම ඔහුගේ විවාහ දිවියේ අවස්ථා කිහිපයක් ද සලෙම් සිය කැමරා කාචයේ සටහන් කර ඇත්තේ මෙලෙසිනි.


No comments:

Post a Comment