HIRU TV

Saturday, September 28, 2013

Dayasiri to become the Bingiriya organizer

බිංගිරිය ආසන සංවිධායක ධුරය දයාසිරිට

Dayasiri to become the Bingiriya organizer

 
Dayasiri 410px 3 22-09-13hirunewsකුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක්  තමාට ලබාදෙන ලෙස දයාසිරි ජයසේකර මහතා, එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේවනවිට කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ආසන 14ටම සංවිධාකයින් පත්කර ඇති බැවින්, එම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ජා කිරීමට අමාත්‍යවරයා එකඟත්වය පළකර ඇත.

කෙසේවුවද, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ බිංගිරිය ආසනයේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට තීරණයවී ඇතැයි ශ්‍රී ලනිප මුලස්ථාන  ආරංචිමාර්ග සඳහන් කරයි.  මේවනවිට එම ආසනයේ සංවිධායක ධුරය දරන්නේ මුනිදාස ප්‍රේමචන්ද්‍ර නැතහොත් සුදු මහත්තයා ය.

මේවනවිට එම දිස්ත්‍රීක්කයට අදාළ ආසන 14න්
13කම සංවිධායකයින් පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය කරයි.

ඒ අනුව, අමාත්‍ය එස්.බි. නාවින්න මහතා වාරියපොළ, අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා යාපහුව, අමාත්‍ය ජයරත්න හේරත් මහතා කුරුණෑගල, අනුර ප්‍රියදර්ශනයාපා කටුගම්පල, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටිය, අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හිරියාල, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පඬුවස්නුවර, පා.ම. සාරනාත් බස්නායක මහතා ගල්ගමුව, පා.ම. ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය, පා.ම. නෙරංජන් වික්‍රමසිංහ මහතා මාවතගම ආදී ලෙස ආසන නියෝජනය කරති.

පළාත් සභා මන්ත්‍රීවරුන්  වන අතුල විජේසිංහ මහතා කුලියාපිටිය, ටිකිරි අධිකාරි මහතා පොල්ගහවෙල, ආර්.ඩි. විමලදාස මහතා දොඩන්ගස්ලන්ද ආසන  නියෝජනය  කරති.

No comments:

Post a Comment