
එහෙත් නලින් එසේ ඔහුට අලුතින් අදාරය කරන කෙනා හෙළි නොකිරීමටද සූක්ෂම වී තිබිනි.
ඉකුත් වසරේ සැප්තැම්බරයේදී නලින්ට එසේ අදාරය කරන කෙනා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ.
ඇය එසේ පැමිණියේ නලින්ගේ අලුත් ශබ්දාගාරය විවෘත කළ අවස්ථාවේදීය.
අදාරය නැතිව තත්ත්පරයක්වත් ජීවත්වෙන්න නොහැකි බව කියන නලින් සිය ආදරය විදින ආකාරය හෙළිකර තිබුණේ මෙසේය.
"දුව ‘ස්වේතා’ දැන් උපාධි
අපේක්ෂිකාවක්. පුතා ‘නිකිල්’ තාම හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඔවුන්ගේ ආදරය මටත් මගේ ආදරය ඔවුන්ටත් නිරතුරුවම හිමි වී තිබෙනවා. ඔවුන්ගේ මවගෙන් වෙන්වීමක් වුවත් මෙවැනි ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් කරගෙන නැහැ අපි. අවබෝධය ලැබෙද්දී දරුවන් කාලයත් සමඟ තේරුම් ගනියි සියල්ල නිවැරදිව. දැනට මතු වී ඇති නීතිමය ප්‍රශ්නයත් කාලයත් එක්ක විසඳෙයි. මාව හොඳින් රැක බලා ගන්න, මට ඕනෑ විදිහට මට ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ නිසා ආදරය නැතුව තප්පරයක් වත් අදත් මං ජීවත් වෙන්නේ නැහැ. මං විවෘත සිතක් ඇති ස්වාධීන කලාකරුවෙක්."
No comments:
Post a Comment