HIRU TV

Sunday, September 29, 2013

Schoolboys falling into drugs to increase sex drive

ලිංගික හයිය වැඩි කරගන්න පෙති ගහන පාසල් සිසුන් !


Schoolboys falling into drugs to increase sex drive

 
sildenafi 410px 29-09-13hirunewsපාසල් සිසුන් ලිංගික උත්තේජන ලබා ගන්නා ප්‍රමාණය පසුගිය කාලයේදී සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සිදු කළ සමීක්ෂණවලින් අනාවරණයවී තිබේ.

මෙරට ලිංගික බෙලහීනතාවලින් පෙළෙන ප්‍රමාණය 5%ක් වුවද ලිංගික උත්තේජන ලබා ගන්නා ප්‍රමාණය 85%ක් බවද පැවසේ.
පාසල් සිසුන් අතරේ වඩාත්ම ව්‍යාප්ත ලිංගික උත්තේජන පෙත්ත බවට පත්ව ඇත්තේ 'සිල්ඩෙනෆිල්' (sildenafil) නැමැති පෙත්තය.
එය ඖෂධ වෙළෙද සැලකින් පෙත්තක් රුපියල් 100 ක පමණ අඩු මිලකට ලබා ගැනීමට හැකි බැවින් මෙය පාසල් සිසුන් අතර ජනප්‍රිය බව පැවසේ.
මෙම පෙතිවර්ගය වසරකට මිලියනක් පමණ මෙරටට ගෙන්නවන බවද වාර්තා වේ.
අදාල පෙත්ත වෛද්‍ය වට්ටෝරුවකින් තොරව ලබා ගැනීමට නොහැකි බවද පැවසේ.
එසේවුවද කොළඹ හා තදාසන්න ප්‍ර ‍දේශවල පිහිටි
ඇතැම් ඖෂධ සැල්වලින් පාසල් සිසුන්ට මේ පෙත්ත වෛද්‍ය වටෝරු නොමැතිව විකුණා දමන බවත් එසේ එය අලෙවි කරනු ලබන්නේ ඉන් වැඩි ලාභයක් ඉපැයීමට හැකි බැවින් බවද පැවසේ.
අදාල පෙත්තක් විකිණීමෙන් ඖෂධ සැලකට 35%ක පමණ ලාභයක් උපයාගත හැකි බැවින් මෙම පෙති අලෙවි කිරීමට ඖෂධ සැල් පෙළඹෙන බවද පැවසේ.
එක් පෙත්තක් වෙනුවට මෙවැනි පෙති දෙක තුන භාවිතා කරන්නන්ද සිටින බව සමීක්ෂණවලින් හෙළිව තිබේ.
ලිංගික බෙලහීනතා නොමැතිව අදාල පෙති භාවිතය ලිංගික බෙලහීතා ඇති කරන්නක් බව වෛද්‍ය මතය වේ.
අන්තර් ජාලයට ඇතුළත්කර ඇති ලිංගික දර්ශන නැරඹීමට නැඹුරුවීම හරහා තරුණයින් මෙම ඖෂධ ගැනීමට ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයක් ඇතැයි වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ලිංගික චිත්‍රපටවල ඇති ලිංගික ක්‍රියාකලාපයන් අසත්‍ය බවද හෙළිකළ ඒ මහතා කියා සිටියේ අදාල චිත්‍රපටවල පූර්ණ ලිංගික ක්‍රියාවලියක් සදහා පැය ගණන් අවශ්‍ය බව පැවසුවද ඒ සදහා අවශ්‍ය වන්නේ විනාඩි දෙක තුනක් පමණක් බවයි.
මෙම ඹෟෂධය මගින් රුධිර පීඩනය වේගවත් කරන බවත්, එය හෘද, පෙනහළු හා ස්වසන ආශ්‍රිත රෝග ඇති අයට අහිතකර බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment