
පසුගියදා අභාවප්‍රාප්ත වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවසන් කටයුතු ඊයේ (30) අනුරාධපුරයේදී සිදුකෙරිනි. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවමංගල්‍ය උත්සවයේදී කතාව පවත්වමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ගුණ වර්ණනා කිරීම විශේෂත්වයක් විය.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පසුගිය උතුරුමැද පළාත්
මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් කොට ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කළේය.
ඉන් අනතුරුව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර අසනීප තත්වයන් හේතුවෙන් පළාත් සභා රැස්වීම්වලට සහභාගි නොවී මාස කිහිපයක් නිවාඩු ලබාගෙන විවේකයෙන් පසුවිය.
ඊයේ පැවති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතගේ අවමගුල් උත්සවයට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ සහභාගී නොවිය.
No comments:
Post a Comment