HIRU TV

Tuesday, October 1, 2013

Duminda gives up on Touchwood

දුමින්ද සිල්වා, 'ටච්වුඩ්' අතහරියි

Duminda gives up on Touchwood

 
TouchWood duminda 410px 24-hirunewsඅර්බුදයට පත්ව තිබෙන 'ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස්' සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම ඉල්ලා අස්වීම සමාගමට හා අදාළ බළධාරීන්ට දුමින්ද සිල්වා මහතා දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධ නිළ නිවේදනය අද නිකුත් වීමට නියමිතය.
දුමින්ද සිල්වා මහතා මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ පුවතින් පසුව ටච්වුඩ් සමාගමේ කොටස් විශාල ලෙස වැඩිවන්නට පටන් ගත් අතර ඒ තුළින් මෙම සමාගම බේරා ගැනීමට යම් රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනු ඇතැයි
ආයෝජකයින් බොහෝ දෙනෙකු කල්පනා කළේය.
මේ නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමුගැනීම නිසා අද දිනයේදී ටච්වුඩ් කොටස් අලෙවියට තීරණාත්මක බලපෑමක් ඇතිවනු ඇතිබව විශ්ලේෂකයින් පවසයි.
මේ අතර, පසුගියදා මාධ්‍ය මගින් හෙළිකර තිබූ කරුණු පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉල්ලමින් කොටස් වෙළඳ පොළ ටච්වුඩ් කොටස් ගනුදෙනුවීම මත පනවා තිබූ තාවකාලික අත්හිටුවීම ඊයේ ඉවත් කරන ලදී.

No comments:

Post a Comment