HIRU TV

Tuesday, October 1, 2013

NEWS FOR MAHARAGAMA HOT NEWS

වෙන්ව සිටින පියා බලන්නට ගිය දියණියට, පියාගෙන් අතවරයක්

NEWS FOR MAHARAGAMA HOT NEWS
 
Girl reped 5 410px 23-07-12hirunewsපියාගෙන් අතවරයට ලක්වූ දියණියක පිළිබඳ සිත් කම්පා කරවන නඩු විභාගයක් පසුගියදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.  මෙම දියණිය අතවරයට ලක්ව ඇත්තේ අතැර ගිය පියා බලන්නට ගිය අවස්ථාවක ඔහුගේ දෙවැනි බිරියගේ නිවසේදීය.
කලකට ඉහත තම පියාගේ අනියම් ඇසුරක් නිසා මව සමග විරසකවීමෙන් පසු පියා මවත්, තමාත් අතැර වෙනත් නිවසකට ගොස් එම අනියම් කාන්තාව විවාහ කරගත් බව ඇය පැවසුවාය.
නමුත් තමා පියාට ඇති ආදරය නිසා පියාව බලන්නට උවමනාවී එහි ගිය අවස්ථාවක මේ අතවරයට ලක්වූ බවත් ඇය පවසා සිටියාය.
.
පානදුර ප්‍රදේශයේ පදිංචි සිය ආච්චිගේ නිවෙසේ මෙම නව
හැවිරිදි බාලවයස්කාර දියණිය පදිංචිව සිටින අතර මවගෙන් වෙන්ව සිටින පියා බැලීම සඳහා කලක පටන් ආසාවෙන් පසුවූ නිසා මහරගම ප්‍රදේශයේ පියා පදිංචි නිවසට ඇයව ගෙනත් ඇරලවා ඇත්තේ ඉකුත් පාසල් නිවාඩු කාලයේදීය.

ඒ අනුව මහරගම සිටින සිය පියාගේ නිවෙසට ගොස් එහි දින කීපයක් ගත කරන අතර එක්තරා දිනයක පියාගේ දෙවැනි බිරිය රාත්‍රි 7ට පමණ අසල වෙළෙඳසලකට ගිය බවත් ඒ අවස්ථාවේ පියාත් තමාත් තනිව නිවසේ සිටි බවත් ඇය පවසා සිටියි.

ඒ අවස්ථාවේ සිය පියා තමන් ළ`ගට පැමිණ ශරීරය ස්පර්ශ කරමින් හිංසාවක් කරන්න උත්සාහ ගත් බවත් කිසිවක් නොතේරුණ තමන් අපහසුවෙන් හැසිරෙද්දී  නිවෙසට පැමිණි දෙවැනි බිරිය වූ කාන්තාව එම සිද්ධිය දැකීමෙන් පසු සිය පියාට බැන වැදුණ බවත් ඇය කියා සිටියි.

පසුව කාන්තාවගේ උපදෙස් පරිදි ඇය සමග ගොස් සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට ගොස් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ල කළ බවද ඇය කියයි.
.
පාසල් දැරියක් වන පැමිණිලිකාර බාලවයස්කාර දියණිය කෙරෙහි මනුෂ්‍යත්වයට නිගාදෙන හැසිරීමක නිරතවෙමින් මේ අතවරය කිරීම සම්බන්ධයෙන් සැකකාර පියා අත්අඩංගුවට පත්වුනේ ඉන් පසුවය.

ලිංගික අතවරයක් කිරීමට තැත් කරන ලදැයි කියන සැකකාර පියා ලබන මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය පසුගියදා නියෝග කළාය .

No comments:

Post a Comment