hirunewsඅභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආදාහන උත්සවයට සහභාගිවීම සඳහා, එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අනුරාධපුර හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේදී, සංවිධායකයින් වහා පැමිණ උතුරු මැද මහ ඇමතිවරයාට වෙන් කර තිබු ආසනය ඔහුට ලබාදී ඇතැයි වාර්තාවේ.
සමරවීර මහතා එම අසුන ප්‍රතික්ෂේප කල අවස්ථාවේදී, '' නැ .. සර්, ඔතන වාඩිවෙන්න. ඕකා මෙතනට ආවොත් ගහලා පන්නනවා'' යයි කියමින් සංවිධායකයින් එම අසුන පනවා තිබේ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බර්ටි
ප්‍රේමලාල් දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට පැමිණි මොහොතේ මෙන්ම, මංගල සමරවීර මහතා අවමගුල් උත්සවයට ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන්, බර්ටි ප්‍රේමලාල් මහතාට රාජපක්ෂවරුන්ගෙන් වූ කෙනෙහිලි ගැන කියමින් රාජපක්ෂවරුන්ට සාප කර ඇතැයිද පැවසේ.
No comments:
Post a Comment