HIRU TV

Wednesday, October 9, 2013

Disappeared Mervyn's friend found

අතුරුදහන් වූ මර්වින්ගේ හිතවතා හමුවේ

Disappeared Mervyn's friend found

 
Police car 410px 09-10-13HIRUNEWSකොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේදී ඊයේ (08) අලූයම පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරුණු ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂකයා ඊයේ (08) රාත‍්‍රියේ හමුවූ බව පොලීසිය ප‍්‍රකාශ කරයි.  වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  සඳහන් කළේ, කඩුවෙල සහ මාළඹේ අතර ප‍්‍රදේශයේ දමා ගොස් සිටියදී ඊයේ රාත‍්‍රියේ ඔවුන් සොයාගත් බවයි.
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ සමීප සගයකු සහ "පිබිදෙන කැලණිය" සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ කිරිබත්ගොඩ කේ.ඞී. තිලකසිරි  තවත් පුද්ගලයකු සමග කැසිනෝ සූදු ක්‍රීඩා කිරීම සඳහා කැසිනෝ හලකට ගොස්‌ එමින් සිටියදී ඊයේ (08 ) අලුයම කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේදී දෙදෙනාම අතුරුදන් වී තිබිණ.

මොවුන් දෙදෙනා ගමන්ගත් සුපිරි ජීප් රථය ඩී. ආර්. විජෙවර්ධන මාවතේ අතහැර
දමා තිබියදී පොලිසිය මගින් සොයා ගත්තේය.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ විසින් මරදාන පොලිසියට ඊයේ පැමිණිල්ලක් කර තිබිණ.

No comments:

Post a Comment