HIRU TV

Wednesday, October 30, 2013

Father who raped two daughters given 120 years jail term

දියණියන් දෙදෙනා දූෂණය කළ පියා අවුරුදු 120 ක් හිරේ

Father who raped two daughters given 120 years jail term

 
Hemmer 410px 30-05-13hirunewsසිය දියණියන් දෙදෙනා විටෙන් විට අපහරණය කොට දූෂණය කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගත් පියෙකුට වසර 120 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සමග වන්දි සහ දඩ මුදල් ගෙවන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (30) නියෝග කළාය.

දඬුවම් සහ දඩ නියම වූයේ කපුගොල්ලෑව හොරොව්පතාන ලිපිනයෙහි පදිංචි 41 හැවිරිදි තිදරුපියෙකු වන කේ.අමරසිරි ගුණවර්ධන නැමැත්තාටය.  මෙම නඩු තීන්දුව මෑත ඉතිහාසයේ දී ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුට ලබා දුන් දීර්ඝතම සිරදඬුවම සහිත නඩු තීන්දුවයි.

සිර දඬුවමට අමතරව එක් දියණියකට රුපියල් දශලක්‍ෂය බැගින් රුපියල් ලක්‍ෂ 20 ක වන්දි ගෙවන ලෙසත් රුපියල් 25,000/- බැගින් රුපියල් 50,000/- ක දඩ මුදල් ගෙවන ලෙසත් විනිසුරුවරිය විත්තිකරුට නි‍‍යෝග කළාය. එම වන්දි මුදල් සහ දඩ නොගෙවන්නේ නම් තවත් වසර 06 ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළාය.

විත්තිකරුට එරෙහිව එක් දියණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන්
අධි චෝදනා 06 ක් යටතේ විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබූ අතර දියණියන් දෙදෙනාම දූෂණය කිරීමේ චෝදනාවට වසර 120 ක බරපතල සිරදඬවම් නියම විය.

විත්තිකරුට නියම කළ වන්දි සහ දඩ ගෙවීමට නොහැකි වූ නිසා ඔහුට වසර 126 ක සිරදඬුවමක් නියම විය.

විත්තිකරුට සිරදඬුවම් නියම කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරිය වින්දිත දැරියන් දෙදෙනාගෙන් තාත්තා නැවත ගෙදර ගෙනයෑමට අවශ්‍යදැයි විමසූ විට ඔවුන් දෙදෙනාම ගෙදර ගෙනයෑමට අවශ්‍ය නැති බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියහ.

තවදුරටත් විවෘත අධිකරණය ඇමතූ විනිසුරුවරිය ඉදිරියේ දී හොඳින් පාසල් වැඩකටයුතු සිදුකොට හොඳින් අධ්‍යාපනය ලබා රටට වැඩදායි අයකු වී තමන් රැක බලාගන්නා මවව හොඳින් රැකබලා ‍ගන්නා ලෙසද දැරියන් දෙදෙනාට අවවාද කරමින් කියා සිටියාය.

දැරියන් දෙදෙනා දූෂණය කිරීමේ චෝදනාවට විත්තිකරුට අධිකරණයේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත් මෙම දඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවී යන ලෙස නියම කරන බවද විවෘත අධිකරණය හමුවේ කියා සිටියා

No comments:

Post a Comment