HIRU TV

Tuesday, October 29, 2013

TN farmer commit suicide over Kurshid's participation in CHOGM

කුර්ෂිඞ්ට ලංකාවට යන්න එපා කියා දිවි නසාගෙන

TN farmer commit suicide over Kurshid's participation in CHOGM

 
SalmanKhurshid 410px 13 10 hirunewsඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ තමිල්නාඩු වැසියෙකු ඊයේ (28) සිය දිවි හානිකරගෙන ඇත.
තමිල්නාඩුවේ කි‍්‍රෂ්ණගිරි ප‍්‍රදේශයේ ජීවත් වන 43 හැවිරිදි ගොවියෙකු මෙලෙස සිය දිවි හානිකරගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා කිසිඳු ඉන්දියානුවෙකු සහභාගි නොවිය යුතු බව සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ.
සිරුරට ගිනි තබා ගත් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට ඉන්දීය
පොලීසිය පියවර ගත්ත ද ඊට පෙර ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්ගේ ශ‍්‍රී ලංකා ගමනට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ ඞී.එම්.කේ පක්ෂ නායක එම්. කරුණානිධි ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් ද ඊයේ (28) සිය විරෝධය පළ කර තිබිණ.

No comments:

Post a Comment