HIRU TV

Tuesday, October 29, 2013

Artists gather around Fonseka

කලාකරුවෝ, ෆොන්සේකා වටා එක්වෙති

Artists gather around Fonseka

 
SarathFonseka 410px 13 10 2hirunewsරංගන ශිල්පී රවින්ද්‍ර යසස්, ජගත් බෙනරගම යන කලාකරුවන් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායකරුන් ලෙස පත්කර තිබේ.
ඊයේ පස්වරුවේ එම පක්‍ෂයේ කෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ දී බස්නාහිර, දකුණ සහ ඌව පළාතේ නව ආසන සංවිධායකවරුන් හැට දෙනෙකු (62) ට පත්වීම් ලිපි ලබාදුන්නේය.
එහිදී රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් බණ්ඩාරගම ආසනයේ සම සංවිධායක ලෙසත්, රංගන ශිල්පී ජගත් බෙනරගම කැස්බෑව ආසන සම සංවිධායක ලෙසත්
සරත් ෆොන්සේකා මහතා අතින් පත්වීම් ලිපි ලබාගත්තේය.
එසේ පත්වීම් ලබාගත් පිරිස අතර මාධ්‍යවේදීන් හා හිටපු දේශපාලනඥයින් රැසක් ද වේ.
එජාප එජාපයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ පී.එම්. දේවක වීරසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රීක් නායකයා ලෙස පත්ව තිබේ. එසේම කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක
එස්.ඒ.ඩී. නිලන්ත කළුතර ආසන සංවිධායක ලෙස පත්වීම ලබා ඇත.
මීට අමතරව මාධ්‍යවේදී සුසිල් කිඳෙල්පිටිය, කොළොන්නාව ආසන සංවිධායකවරයා ලෙස ද පත්වීම භාරගෙන තිබේ.
ඊයේ පත්වීම් ලැබූ සෙසු පිරිස අතර හිටපු දේශපාලනඥයින්ගේ පුතුන් හා ප්‍රාදේශීය දේශපලාන ක්‍රියාකාරීන් රැසක් වේ.
වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට වඩා සාර්ථක ලෙස ඉදිරියේ දි පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලට මුහුණදීමට තම පක්‍ෂය සුදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ජනාධිපතිවරණයකට තරග කිරීමට වඩා පළාත් සභා මැතිවරණයකට පක්‍ෂයක් මෙහෙයවීම අභියෝගාත්මක බවයි.

No comments:

Post a Comment