HIRU TV

Tuesday, October 29, 2013

Sri Lankan youth stabbed to death in England

එංගලන්තයේදි පිහිපහරකට ලක්වු ශ‍්‍රී ලාංකික තරුණයා මියැදෙයි

Sri Lankan youth stabbed to death in England

 
Knife blood 410pxhirunewsඑංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප‍්‍රදේශයේ ෂෙෆීල්ඞ් හි පීසා අවන්හලක සේවය කළ 25 හැවිරිදි සිංහල බෞද්ධ තරුණයෙකු පසුගිය ඉරිදා පිහි පහරට ලක්ව මිය ගොස් ඇත.
තවීෂ පීරිස් නැමැති 25 හැවිරිදි මොහු මීට වසර දෙක හමාරකට පෙර එංගලන්තයට ගොස් ඇත්තේ ෂෙෆීල්ඞ් හාලම් විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධියක්
හැදෑරීමටය.
පාඨමාලාව නිමවා ඔහු සුදුසු රැකියාවක් ලැබෙන තුරු මෙම පීසා අවන්හලේ සේවය කර ඇති අතර පීසා බෙදා හරින අතරතුර ඉරිදා රාත‍්‍රී 10.30ට පමණ මෙලෙස ඝාතනයට ලක්වී තිබේ.
ඔහුගේ මිතුරන් පොලීසියට පවසා ඇත්තේ තවීෂට එංගලන්තයේ එදිරිවාදීන් නොසිටි බවයි.

No comments:

Post a Comment