HIRU TV

Thursday, October 10, 2013

Hema to West to ensure Sajith's support

සජිත්ගේ සහය ගන්න හේමා බස්නාහිරට !

Hema to West to ensure Sajith's support

 
Hema sajith 410px 10-10-13hirunewsඉදිරියේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය ඉදිරිපත් කරන්නැයි එජාප ජේෂ්ඨයින් කිහිපදෙනෙකු, ඊයේ පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ජනාධිපතිවරණයකට පෙර පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය දේශ
පාලනිකව අතිශයින් තීරණාත්මක බැවින්, එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ සහය ලබාගැනීමට හේමා ප්‍රේමදාස මහත්මිය පත්කිරීම සුදුසු බව එම ජේෂ්ඨයින් පිරිස  පැහැදිලිකර ඇත.

තම මව වන හේමා ප්‍රේමදාස මහත්මිය හැර වෙන කවර පුද්ගලයකු එජාප අපේක්ෂකයා ලෙස නම් කලද සජිත් ප්‍රේමදාස මහතා සුපුරුදු පරිදි මැතිවරණ සමයේදී, පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හුවා දක්වමින් එජාපය පරාජය කරවීමට කටයුතු කරනු ඇති බව එම  ජේෂ්ඨයින් වැඩිදුරටත් එජාප නායකයාට පවසා ඇතැයි ද වාර්තාවේ.

වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි එම ජේෂ්ඨයින්ගේ අදහස් සාවදානව අසාසිට ඇතත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද පැවසේ. 

No comments:

Post a Comment