HIRU TV

Friday, October 11, 2013

Need a change in the political culture - Sanath

දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍යයි - සනත්

Need a change in the political culture - Sanath

 
Sanath J 410px 11-10-13hirunewsමැති ඇමතිවරුන්ට ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් කිරීමට සිදුවූයේ යුද්ධය පැවති සමයේ බව පවසන නව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය එම දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීමට කාලය උදා වී ඇති බව බීබීසී සංදේශයට කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතා, තැපැල් කටයුතු පිලිබඳ නව නියෝජ්‍ය අමාත්‍යවරයා
ලෙසින් බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ අදහස් දැක්වූ නව නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවට සේවය කිරීම පිණිස ඇමති ධුරයක් අවශ්‍යම නැතත්, නියෝජ්‍ය අමාත්‍ය ධුරය මගින් වඩාත් සේවයක් කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

No comments:

Post a Comment