
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම පිණිස උද්ඝෝෂණ සහ පෙළපාළි තහනම් කරන්නැයි කියමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අද (13) දහවල් 12ට පමණ කරන ලද ඉල්ලීමක් සලකා බලා මෙම තීන්දුව ලබාදී ඇත.
රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දමන්නැයි කළ උද්ඝෝෂණ නිසා වෙඩි වැදී තිදෙනකු මියගොස් ඇති බවටත්, ඌරුවල විහාරස්ථානයකට පහර දීමේ සිද්ධියක් පෙරේදා (12) වාර්තා වූ බවත්, උද්ඝෝෂණ හෝ පෙළපාළි පැවතියහොත් තවත් සිදුවීම් ඇති විය හැකි බැවින් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී පදවියක්ද හොබවන අදාළ විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේ වෙනිග්රෝස් කම්හලට සෙත් පතා පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක් විහාරස්ථානයට පහර දී තිබිනි.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගැනුණු පිරිසක් සෙනසුරාදා සවස ඇප මත මුදා හැරුණු බවද පරිසර කමිටු සාමාජිකයෙක් පැවසීය.
No comments:
Post a Comment