HIRU TV

Tuesday, October 15, 2013

World's biggest tug of war

ලෝව ලොකුම කඹ ඇදිල්ල මෙන්න!

World's biggest tug of war

 
BiggestTugOfWar 410px 13 10 15hirunewsකඹ ඇදීම යනු මෙරටට අමුතු දෙයක් නොවේ. එහෙත් මේ පුවත, පුද්ගලයන් 27,000ක් එක්ව ටොන් 43ක කඹයක් අදින පුවතකි.
මේ පිළිබඳව වාර්තා වන්නේ ජපානයේ ඔකිනාවා නුවරිනි. එම නුවරදී, මෙම සතියේ පැවැත්වෙන වාර්ෂික නාහා උත්සවයේ වඩාත්ම ආකර්ශණීය අංගය වන්නේ මෙම දැවැන්ත කඹ ඇදීමයි.
උත්සවයේ සමාරම්භක අංගය වන මෙම තරඟයේ ආරම්භය 17වන සියවස දක්වා දිවෙන අතර මෙහි විශේෂත්වය වන්නේ ඒ සඳහා භාවිතා කරන කඹය ටොන් 43ක් බරින් යුක්ත වීමයි
මේ තරගයට නගර වැසියන් 27000පමණ සහභාගී වන බවද මෙම අවස්ථාව ලොව දැවැන්තම කඹ ඇදීමේ උළෙල බවද විදෙස් වාර්තා වල දැක්වේ.
වාර්ෂිකව ඔකිනාවා නුවර පනස් අටවෙනි මාවතේ
පැවැත්වෙන මෙම කඹ ඇදීමට සහභාගී වන සියල්ලෝම පසුව,කඹයේ කොටසක් තබාගැනීමට කටයුතු කරති. ඒ එසේ කිරීමෙන් සතුට සහ නිරෝගීබව ළඟා කර ගත හැකි බවට ඔවුන් අතර පවත්නා විශ්වාසය හේතුවෙනි.
මෙම අපූරු කඹ ඇදීමේ අවස්ථා කිහිපයකි මේ.
(ඡායාරූප : ඩේලිමේල්)

No comments:

Post a Comment