
hirunewsඅද (11) අලුයම 5.30 ට පමණ වාද්දුව සරීන් විලා පැවිලියන් (Serene villa pavilions ) හෝටලයට 'සුදු වැන් ' රථයකින් පැමිණි මැර පිරිසක් විසින් එම හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් අනුර ලොකුහෙට්ටි මහතාව පැහැරගෙන ගොස් ඇත.
එසේ පැහැරගෙන යනු ලැබූ ලොකුහෙට්ටි මහතා
බරපතල තුවාල ලබා මහ මග වැටි සිටියදී බණ්ඩාරගම ප්‍රදේශයේදී හමුවී ඇතිබව පොලිසිය පවසයි. මේවනවිට ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.
එම හෝටලයේ සියයට 30 ක කොටස් හා ඉතිරි කොටස්වල හිමිකරුවන් අතර කාලයක් තිස්සේ ගැටුම් මතුව තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් 11දා ද මෙම හෝටලයට මැර ප්‍රහාරයක් එල්ලවිය.
No comments:
Post a Comment