HIRU TV

Sunday, November 3, 2013

Former Italian PM secretly marries his fiancée

හිටපු අගමැතිට 77දී මදනවිසේ හිසට ගසයි

Former Italian PM secretly marries his fiancée

 
ItalianPM 410px 03-11-13hirunewsහිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි හොර රහසේම විවාහ වී ඇතැයි වාර්තා වේ.
හැත්තෑ හත් වැනි වියේ පසුවන බර්ලුස්කෝනි විවාහ වී ඇත්තේ 28 හැවිරිදි ෆ්‍රැන්සිස්කා පැස්කල් සමගය.
ඇය බර්ලුස්කෝනිගේ පෙම්වතිය වී කළක් සිටි අතර මොවුන්ගේ විවාහ මංගල්‍යය පෞද්ගලික දේවස්ථානයකදී මීට සති තුනකට පෙර සිදුව ඇති බවද පැවසේ.
අදාල පෞද්ගලික දේවස්,ානය පිහිටා ඇත්තේ බර්ලුස්කෝනිගේ මන්දිරයේ තුළ බවද වාර්තා වේ.
මේ බව මාධ්‍යට හෙළිකර තිබුණේ හිටපු අගමැතිවරයාගේ මිතුරකු විසිනි.
තුන් වරක්ම ඉතාලියේ අගමැතිවරයා ලෙස කටයුතු කළ බර්ලුස්කෝනිට පැස්කල් හමුවී තිබුණේ ඇය ළාබාල වියේ පසුවෙද්දීය.
ඒ වනවිට ෆ්‍රැන්සිස්කා, ලුස්කෝනිගේ පක්ෂයේ ක්‍රියාකාරිනියකව සිට ඇත.
කෙසේ වුවද මේ ප්‍රේමය බොහෝ දෙනාගේ විවේචනයට
ලක්ව තිබූ එකකි.
පැස්කල්ගේ මිතුරියක වන මැරිනල් ‍පොලැන්කෝ මාධ්‍යයට පවසා සිටියේ ඇයටද මේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබී තිබූ බවයි.
ඡායාරූප - ඩේලි මේල්
FormerItalianPM 600px

No comments:

Post a Comment