7 AIDS deaths within last 3 months
hirunewsමෙම වසරේ අප්‍රේල් සිට ජුනි දක්‌වා ගතවූ මාස තුනක කාලය තුළදී දිවයිනෙන් එච්.අයි.වී./ඒඩ්ස් වයිරසය ශරීරගත වූවන් 46 දෙනකු වාර්තා වී ඇති අතර ඒඩ්ස් මරණ 7 ක් වාර්තා වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
මේ අනුව එම සංඛ්‍යාවත් සමගම මෙම වසර තුළදී එච්.අයි.වී. වයිරසය ශරීරගත වූවන් 90 දෙනකු දිවයිනෙන් වාර්තා වී ඇති අතර ඒඩ්ස් රෝගයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 16 දෙනෙකි.
1987 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම එච්.අයි.වී. ඒඩ්ස් වයිරසය ශරීරගත වූ තැනැත්තා වාර්තා වීමෙන් පසු මේ දක්‌වා එම ආසාධිතයන් 1739 දෙනකු මෙරටින් වාර්තා වී ඇති අතර දැනට එච්.අයි.වී. වයිරසය සමග ජීවත් වන වැඩිහිටියන් හා ළමුන් 4200 දෙනකු මෙරට සිටින බව ඇස්‌තමේන්තු කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාවට පිරිමි, ගැහැනු ප්‍රතිශතය 1.5 ට 1 ක් ලෙස සටහන් වී තිබේ.
No comments:
Post a Comment