HIRU TV

Wednesday, July 24, 2013

Actress Duleeka Marapana in Sri lanka

hirunews

Actress Duleeka Marapana in Sri lanka 

 

     
Dukila M 410px 24-07-13ප්‍රවීන රංගන ශිල්පිණියක් වන දුලිකා මාරපන මුදල් වංචා කිහිපයකටම හසුවි ඇති අතර, ඇය ඒ වෙනුවෙන් දින 14ක පමණ කාලයක් රක්ක්‍ෂිත බන්ධනාගාර ගතවී සිට ඇතැයි ද වාර්තා වේ.
මේ අතරින් ඇය සුරංග කිරිඇල්ල නැමැති අය ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ගෙන් ඔවුන් දින 14ක් ඇතුලත කැනඩා යවන බවට පොරොන්දුවී කරන ලද මුදල් වංචාවක් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සුරංග කිරිඇල්ල නැමැත්තා රුපියල් ලක්‍ෂ 7 1/2 ක මුදලක් දුලිකා මරපනගේ අතට දී ඇති අතර ඇය එය නැන්දගේ පුතා බව කියන ජගත් ලංකේෂ්වර අතට දුන් බවද, මෙයින් අනතුරුව දුලිකා මේ වන විට සුරංග කිරිඇල්ල නැමැත්තා නොඅදුනන බවට පොලිසියට කට උත්තර ලබාදී ඇතැයි පැවසේ.
මේ අතර, පසුගියදා ජනාධිපති ශිෂ්‍යත්ව අරමුදල විසින් දුලීකා ට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරනු ලැබීය.
ඒ එක්සත් රාජධනියේ පැවැත්වෙන නාට්‍ය වැඩමුළුවකට සහභාගිවීමට අදාල අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක් ලබාගෙන එය නිසි පරිදි භාවිතා නොකිරීමට එරෙහිවය.

No comments:

Post a Comment