HIRU TV

Tuesday, July 23, 2013

Genital mutilation puts 30 m girls 'at risk'

hirunews

 

FGM 410px 13 07 23ඉදිරි දශකයේදී ගැහුණු දරුවන් මිලියන 30කට වඩා වැඩි ප්‍රමාණයක් ලිංගික අවයව ඡේදනය (female genital mutilation) ට ලක්වීමේ අවදානමක් ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසයි.
මේ වන විටත් ලිංගික අවයව ඡේදනයට ලක්කෙරුනු කාන්තාවන් මිලියන 125ක් පමණ සිටින බව පැවසේ.
කාන්තාවකගේ කන්‍යාභාවය ආරක්ෂා වේ යැයි විශ්වාසය මත චාරිත්‍රයක් ලෙස ගැහැණු දරුවන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම තවමත් අප්‍රිකානු, මැදපෙරදිග හා ඇතැම් ආසියානු රටවල සිදුකරනු ලැබේ.
මේ හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටළු ද ඇති වෙන අතර මළ දරු උපත් සිදුවීමේ අවදානම ද වැඩිවේ.
පසුගියදා යුනිසෙෆ් ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ගැහැණු දරුවන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම සඳහා සහය පළ කරන ගැහැණුන් හා පිරිමින් සංඛ්‍යාව අඩුවී ඇතැයි හෙළිදරව් වේ.

No comments:

Post a Comment