HIRU TV

Tuesday, July 23, 2013

HOT NEWS

hirunews

 

POonam 410px 23-07-13ඉන්දියාවේ සරාගී නිරූපන ශිල්පිණියක් වන පූනම් පාන්ඩේ ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටිය වන 'නෂා' ට එරෙහිව එරට ශිව් සේනා පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
ශිව් සේනා පක්ෂයේ මහලේකම් අක්ෂේ බාර්දාපූර්කර් පවසා ඇත්තේ නෂා චිත්‍රපටියේ පෝස්ටර් ඉතා අසභ්‍ය හා නොගැලපෙන ලෙස සිය පක්ෂය දකින බවයි.
මෙවැනි පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොතබන බව පවසන ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මුම්බායි නගරය පුරා දැන්වීම් පුවරු වල ප්‍රදර්ශනය කර ඇති 'නෂා' පෝස්ටර් ගැලවීමට කටයුතු කරන බවයි.
මේ වන විටත් මුම්බායි හි මාහිම් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ නෂා පෝස්ටර් විරෝධතාකරුවන් විසින් පුළුස්සා ඇති බවද ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.
මේ අතර, 'නෂා' නිෂ්පාදක ආදිත්‍ය භාතියා පවසා ඇත්තේ මෙවැන්නකි.
ෂිව් සේනා පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් 'නෂා' චිත්‍රපටියේ දැන්වීම් පුවරු ඉවත් කරමින් සිටින බවට තමාට දැනගන්නට ලැබුනු බවත්, පූනම් එහි පෙනී සිටින ඉරියව්ව ට ඔහු විරෝධය දක්වා ඇති බවත් සැලවූ බවයි.
මෙම නිෂ්චල ඡායාරූප වලට තමාට බටහිර ඉන්දීය සිනමා නිෂ්පාදකයන්ගේ සංගමයෙන් අවසර ලැබී තිබෙන බැවින් මෙම පුවරු ඉවත් කිරීමට කටයුතු නොකරන බවද ඔහු පවසා ඇත.
ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.
''මං වගකීම් පිළිබඳ තේරුම් ඇති පුද්ගලයෙක්. මෙම පෝස්ටර් නුසුදුසු යැයි සිතෙනවා නම් ඒවා මමම ඉවත් කරනවා. ඒ වගේම ඒවා ළමුන්ගේ ඇස් මානයෙන් ඉවත්කර තබන්නත් කටයුතු කරනවා.''

No comments:

Post a Comment