HIRU TV

Monday, July 29, 2013

News for sanjay dutt birthday

News for sanjay dutt birthday

sanje dath 410px 29-07-13hirunewsබොලිවුඩයේ කල් නායක් නොහොත් සුපිරි නළු සංජය දත් සිය 54 වන උපන්දිනය සමරයි.  ඔහු මෙය සමරන්නේ Yerawada සිරමැදිරියේ සිටය.
සංජය දත්, සුනිල් දත් ට සහ නාර්ගිස්ට දාව 1959 ජූලි 29 වන දින උපත ලබා ඇත.
 1999 දී මුබ්බායි හිදී සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකට සංජය දත් වරදකරුවෙක් විය. මෙම චෝදනාවට වරදකරුවූ සංජය දත් පසුගිය මැයි 16වන දින අත්අඩංගුවට පත් විය.
සංජය දත් සිය උපන්දිනය සිර මැදිරියක පවත්වන පළමු වර මෙය නොවන බව මාධ්‍ය වාර්ථා කර තිබිණි.
සංජය දත්ගේ උපන්දිනය වෙනුවෙන් රන්බීර් කපූර් සංජය දත් ට සුබ පැතුම් යවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම ඔහුට ආදරය කරන බොහෝ ඉන්දියානු වෝ සංජය දත්ට සුබ පැතුම් එක්කරමින් ලිපි යවා ඇත.
මේ වනවිට සංජය දත්ට සුබ පැතීමට හැකි එකම මාර්ගය ලිපි මගින් පමණි. සංජය දත් බැලීම, මුණගැසීම සඳහා අවසර දී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.

සංජය දත්ගේ බිරිඳ මන්යාටාගේ උපන්දිනය යෙදී තිබුනේ පසුගිය ජූනි 22දින දීය. සංජය දත් සිර මැදිරි භූමියේ තිබූ රෝස පඳුරකින් මලක් කඩා, පොතක් තුළ බහා ඒ සමග කවියක් ද ලියා එය සිය බිරිඳට ලබා දුන්නේ හදවතේ ඇය වෙනුවෙන් ඇති ආදරය වෙනුවෙනි.
මනයාටා සිය උපන්දිනය දා කිසිවකුගේ සුබ පැතුම් පිළිගැනීමට තරම් යහපත් මානසිකත්වයකින් නොවූයේ සංජය දත් ඇය අසල නොසිටි බැවිනි.
සිය සැමියාගේ සිරගතවීමත් සමග දැඩි මානසික හුදකලා භාවයකින් කල් ගෙවන බවත්, ඇය ට සංජය දත් නැති පාළුව දරා ගැනීමට නොහැකි තරමේ මානසික පීඩාවකින් ඇය පසුවන බවත් මාධ්‍ය වාර්ථා කර තිබුනි.
ඇයට ඔහු නැති පාළුව කොයිතරම් ද යත් ,සංජයේ නම තම දකුණු අතෙහි ඇගිල්ලක ටැටූ කරන්නට පවා ඇය පෙළඹී තිබේ. මේ වනවිට සංජය දත්ගේ ව්‍යාපාර කටයුතු සියල්ල ඇය විසින් කරගෙනු යනු ලැබේ.
සංජය දත් වසරක පහක සිරදඬුවමක් විඳිමින් සිටී.

No comments:

Post a Comment