Malaka Siva Hospitalized
hirunesඅමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ.
කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වා මහතාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්ය.
කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසේ.
ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර චීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.
කුරුඳුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
No comments:
Post a Comment