HIRU TV

Sunday, July 28, 2013

Signs on K'gala becoming a hot spot

 

Signs on K'gala becoming a hot spot

kurunegala cataut 410px 28-hirunewsමෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම අතින් කුරුණෑගල දිස්ත්‍රික්කය මුල්තැනක් ගනු ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ අනුමාන කරති.
ඊයේ  (27) කුරුණෑගල වික්‍රමසිංහ ශාලාවේදී  මාධ්‍යවේදීන්  ඇමතූ 'කැෆේ' සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා  සදහන් කළේ, මේවන විටත් කුරුණෑගල නගර ආශ්‍රිතව ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් විසින් කටවුට් 90කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කර ඇති බවයි.

ගතවු වසර ගණනවකදීම  පැවති මැතිවරණ වලදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය වු බවද තෙන්නකෝන් මහතා කියයි.
ඒ අනුව ගත්කල මෙවර මැතිවරණයට මැති ඇමතිවරුන්ට සබදතා ඇති විශාල පිරිසක් ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින නිසා ගැටුම් ,සහ නීති රීති උල්ලංඝනය කිරීම් ඉහළ යනු ඇති බව  ඒ මහතා පෙන්වා දෙයි.
නාම යෝජනා  භාරදී අවසන් වු වහාම මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලීසිය සහ අදාළ නිලධාරීන්  කටයුතු කළ යුතු බවද කැෆේ විධායක් අධ්‍යක්ෂවරයා  මෙහිදී කීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියකු කියා සිටියේ, පසුගිය උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී අනුරාධපුරයේ සන්ධාන අපේක්ෂකයින් මනාප වලට ගැටුම් ඇතිකර ගත පරිදිම,  මෙවර කුරුණෑගලද මනාප ගැටුම් ඇතිවීමේ පෙරනිමිති පහළවී ඇති බවයි
කෙසේවුවද මැතිවරණ නීති උල්ලංඝනයවීම් පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි ලැබුනහොත් වහාම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment