hirunewsසොළොස් හැවිරිදි ජර්මන් දැරියක් පැහැර ගැනීමකට ලක්ව ඇතැයි ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ජර්මන් කාන්තාවක් වන ඇයගේ මව විසින් එම පැමිණිල්ල සිදුකර ඇත.
දින 10ක සිට තම දියණිය පිළිබඳ කිසිම තොරතුරක් නැතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ. තම දියණිය රැගෙන යන්නට ඇතැයි සැකකෙරෙන පුද්ගලයකුගේ නමක් ද ඇය පොලිසියට දැනුම් දී ඇත.
මීට මාස පහකට පෙර එම ජර්මන් මව සමග ඇගේ දියණිය ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
No comments:
Post a Comment