hirunews
ඇන්ජලෝ මැතිව්ස් තරග තහනමට ලක්ව සිටියදී සිය පළමු එක්දින තරගයට නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවැති පළමු තරගයෙන් ලකුණු 180ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කරදීමට සමත් විය.
ලකුණු 321 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 31.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 140ක් පමණි.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ අද (20) පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානුවන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් නියමිත පන්දුවාර පන්දුවාර පනහ අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 320 ක් ලබා රැස්කළේය.
කුමාර් සංගක්කාර සිය එක්දින කි‍්‍රකට් දිවියේ 16 වන ශතකය අද වාර්තා කළ අතර, ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 169 කි.එය කුමාර් සංගක්කාර තම එක්දින කි‍්‍රකට් දිවියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
මීට පෙර ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 138 ක් රැස්කරගෙන තිබිණ.. උපුල් තරංග ලකුණු 43 ක් සහ මහේල ජයවර්ධන ලකුණු 42 ක් ලබා ගත්තේය.
ලකුණු 321 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 31.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 140ක් පමණි.
රොබින් පීටර්සන් හා ඇල්වයිරෝ පීටර්සන් ලකුණු 29 බැගින්ද නායක ඒබී ද ඩිවිලියස් ලකුණු 23ක්ද ලබාගත් අතර සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
තිසර පෙරේරා හා රංගන හේරත් කඩුලු 3 බැගින්ද තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 2ක්ද බිඳ හෙළන ලදී.
සංගක්කාර තරගය වීරයා බවට පත්විය.
No comments:
Post a Comment