HIRU TV

Wednesday, August 21, 2013

Airman who shot his girlfriend dies

පෙම්වතියට වෙඩි තැබූ ගුවන් සෙබලා මියයයි

Airman who shot his girlfriend dies

 
Chamodi 410px 21-08-13hirunewsත්‍රීකුණාමලය  මාබල් බීච් වෙරළ තීරයේ පිහිටි  සංචාරක නිකේතනයක් තුළ ගුවන් හමුදා සෙබළියක සහ සෙබළෙකු වෙඩි තබා ඝාතනය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයා මියගොස් තිබේ.
ත්‍රීකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) පස්වරුවේ මෙම කෝප්‍රල්වරයා මියගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පවසයි.

මිය ගිය කෝප්‍රල්වරයා ගාල්ල - කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන මදුර කුමාර ප්‍රියදර්ශන නැමැති පුද්ගලයෙකි.

අදාළ නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ නිලධාරිණියක
සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබිණ.

පසුගිය ඉරිදා ඇය වෙනත් ගුවන් සෙබළකු සමග කතාබහ කරමින් සිටිනු දුටු,  එම කෝප්‍රල්වරයා එම ස්ථානයට ගොස් පෙම්වතියට හා අනෙක් සෙබලාට වෙඩි තබා, අනතුරුව හෙතෙම තමාට ද වෙඩි තබාගෙන තිබුණි.

No comments:

Post a Comment