HIRU TV

Wednesday, August 21, 2013

Brothel in Kollupitiya raided

කොල්ලූපිටියේ ගණිකා නිවාසයක් වටලයි

Brothel in Kollupitiya raided

 
brothel 410px 09-07-12hirunewsකොල්ලූපිටිය - ඩික්සන් ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්  කොළඹ අපරාධ කොට්ඨාශයට නිළධාරීන් විසින් වැටලීම්කර තිබේ.
ගණිකා නිවාසය කළමණාකරනය කිරිම හා අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක්ද ගණිකා  වෘත්තියේ යෙදිම සම්බන්ධයෙන් සැකකාරියන් 06 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

 මෙම සැකකාරියන් යක්කලමුල්ල, ඕපනායක, මැදවච්චිය, ජාඇල ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර මොවුන් ඊයේ(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කළමණාකරනය කිරිම හා එයට අනුබල දුන් සැකකාරියන් දෙදෙනා හෙට (22)  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කිරීමට නියම කර තිබේ.

 මේ අතර අත් අඩංගුවට ගත් අනෙක් සැකකාරියන් සය දෙනා පොලිස් ඇප මත මුදා හැර  ඇති අතර හෙට (22) දින මොවුන් යළි කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

No comments:

Post a Comment