අනෙක් දසදෙනා චෝදනා පහටම වැරැදි කරුවෝ වුහ.
පළමුවැනි චෝදනාවට බරපතල වැඩ සහිත සය මස බැගින්ද සෙසු චෝදනා 4 ට බරපතල වැඩ සහිත වසර බැගින්ද සිර දඩුවම් නියම විය.
සිර දඩුවම් වෙනවෙනම ගෙවී යා යුතු බව ද විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයකු වන යු ආර් ඩී සිල්වා මහතා පැවසුවේ තීන්දුවට එරෙහිය ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.
මෙසේ දඩුවම් නියම වූ පිරිස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂකයන් ලෙස සිටි අය වෙති.
පොලිස් කොස්තාපල්වරුන් වු ඔවුහු වසර 13 කට වැඩි කාලයක් මේ නඩුවට පැටලී සිටි අතර ඔවුන්ට රැකියාවද අහිමිව තිබිනි.
දඩුවම් නියම වූයේ ඒ.බන්දුල මධුෂාන් කුමාර, නිහාල් විජේසිරි, සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ හා උපාලි ආරියදාස යන දස දෙනාටය.
රූකාන්ත හා චන්ද්‍රලේඛා පදිංචිව සිටි පොල්ගස් ඕවිට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසට 2000 ජනවාරි 26 වැනිදා රාත්‍රී 8 ට පමණ මේ ප්‍රහාරය කර තිබිනි.
නීතිවිරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයන් වී පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ මත්තේගොඩ නිවසට කඩා වැදී ඔවුන්ට හිරිහැර කිරීමට අදාළව සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබුණා.
රූකාන්ත ගුණතිලකගේ නිවසේ තිබූ ස්වර්ණාභරණ සහ ඔහුගේ ජීප් රථය පැහැර ගෙන යාම ඇතුළු අධි චෝදනා 09ක් යටතේ මොවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුපවරා තිබිනි.

No comments:
Post a Comment